නැන්දා සහ පොඩි එකාගේ විත්ති

This gallery contains 1 photos.

ගන්දරයට එක එක ජාතියේ යාහළුවන් ඉන්නවා. උස මොට්ටයෝ, මිටි කට්ටයෝ ඒ ඇරුනම මහත තට්ටයෝ, ඔය කොයි කොයි සුට්ටයත් ගන්දරයගේ හොඳ මිත්තරයො තමයි. රුහුණේ මොන මොන දේ තිබුනත් හොඳම දේ කිරිපැණි වගේ, කොයි කොයි යාළුවො හිටියත්, ගන්දරයගේ හොඳම යාළුවා තමයි අයේශා. … Continue reading

Rate this:

ගෑනුත් දැක්කා…… මේ වගේ ගෑනු නොදැක්කා

This gallery contains 1 photos.

  සමරසිංහ මහත්තයා කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගත්තේ කාමරේ දොර ඇරුන සද්දෙට. ඔළුව උස්සසලා බලද්දි වරුණි සමරසිංහ මහත්තයගේ මේසේ ළඟ. කණ්නාඩි දෙක ඇස් වලින් උඩට කරගත්ත සමරසිංහ, වරුණි දිහා බැළුවේ ඇයි කියලා අහන්න වගේ.   “සර් මට හාෆ් ඩේ … Continue reading

Rate this:

ස්ථානෝචිත ප්රඥ්ඥාව

This gallery contains 1 photos.

මේ දවස්වල තද වැස්ස, ඒ මදිවට හුළඟ. කල්ප විනාසේ ලංවෙලා වගේ එක දිගට පැල් බැඳගෙන වහිනවා කිසිම වැඩක් කොරන්න හිතෙන්නේ නෑ, ඒතරමට හීතල. කොරන්න පුළුවන් එකම වැඩේ ඉහේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක. උදේ හතට විතර නැගිටලා ඇඳෙන් බහින්න කම්මැලි කමට … Continue reading

Rate this:

බොරුකාරී

This gallery contains 1 photos.

  බෙලියා මේ දවස්වල බොහොම හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා ආරංචියක් ආවා. මොනවා උනත් ඉතින් එක පැදුරේ බත් කාපු, එක හැලියේ බුදියාපු, කොළ බොක්කේ යාළුවා නෙව, ගන්දරයත් ගියා බෙලියගේ ගෙදර බෙලියව බලන්න. අනේ අම්මේ බෙලියා ඉන්නවා කාමරේ ඇඳ උඩට වෙලා අස්සයා … Continue reading

Rate this:

හොර කොටුව

“අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කරපු එක මම නම් කියන්නේ සම්පූර්ණයෙන් වැරදියි”

මෙහෙම කිව්වේ දවසක් අපේ පංතියේ හිටපු ලපටියා

“ජාතික ක්‍රීඩාව කරන්න ඕන හරිනම් උස පැනීම”

මේ ලපටියා කිව්වොත් ඉතින් ඔහොම හතර බීරී කතාවක්ම තමයි

“ඒ මොකද බොල උඹ එහෙම කියන්නේ……????”

“ඇයි බූරුවෝ අපේ කොල්ලෝ ඉස්කෝලවල තාප්ප වලින් පනින හැටි හිතුවම අපේ අයට උස පැනීමට තියෙන්නේ ජාත්‍යනතර මට්ටමේ හැකියාවක් නෙවෙයිද…”

ඒ කතාවත් එක අතකින් බලාගෙන ගියාම ඇත්ත තමයි. අපිටත් ඉස්කෝලේ යන කාලේ තාප්පේ පෙන්නන්න බැහැ නෙව ඕකෙන් එහා පැත්තට පනින්නමයි හිතෙන්නේ. ඇත්තටම ඉතින් අපි ඔය තාප්පෙන් පනින්නෙත් වැඩක් ඇතුවමත් නෙවි, කොළුකමට අනික ඉතින් ඉස්කෝලේ දහස් ගනන් වියදම් කරලා මහන්සිවෙලා තාප්ප බැඳලා තියෙන්නේත් ළමයින්ට ඒවයින් පනින්න නෙව. අපේ ඉස්කෝලේ තුන් පැත්තකින්ම් තිබුනු තාප්පේ අඩි විස්සකටත් වඩා උසයි. ඒවායින් නම් පැනලා තේරුමක් නෑ, මොකද උදේ හතහ මාරට පැන්නොත් දවල් දෙක වෙනකම්ම බිමට වැටෙනවා. ඒවා ඒ තරම් උසයි. ඒක නිසා ඒවයින් නම් කවුරුත් පනින්න ගියේ නෑ . ඉස්කෝලේ දකුණු පැත්තේ මායිමේ තිබුනේ පන්සලක් ඉතින් ඒ පැත්තේ තාප්පේ විතරක් ඒ තරම් උස නැහැ, උස පනින කට්ටිය හුඟක් වෙලාවට පැන්නේ ඔය පැත්තේ තාප්පෙන් තමයි. තාප්පෙන් පනින්න ගිහිල්ලා වෙච්ච දේවලුත් අනන්තයි අප්‍රමාණයි සාරාසංඛ්‍යයි, මේ කියන්න යන්නේත් ඒ වගේ කතාවක්, හැමදාම කියන ඩිස්ක්ලේමර් එක හිනා යන්නේ නම් නෑ ඔන්න……..

එදා සිකුරාදා දවසක්, උදෙන්ම අපිට තිබුනේ කෙමිස්ට්‍රි, ඉගැන්නුවේ මාරි කියුරි කියලා මිස් කෙනෙක්, එයාම තමයි අපේ පංතිභාර ගුරුතුමී. උගන්වන ඒවා නම් අපිට තියා ඩෝල්ටන්ට වත් තේරෙන එකක් නෑ, ඒත් ඉතින් මිස් ළමයින්ට නම් බොහොම කරුණාවයි. උගන්වන ඒවා කොහොම උනත් කොල්ලෝ ටික මීක්… නැතිව පංතියේ ඉන්නේත් ඒකමයි කෙමිස්ට්‍රී වලින් පස්සේ තිබුනේ ෆිසික්ස් හා බොට්නි, ඒ දෙක උගන්වන ගුරුවරු දෙන්නම එදා ඉස්කෝලේ ඇවිත් නැහැ, ඒ කියන්නේ දවසේ ඉතුරු ටිකම අපිට වැඩක් නැහැ. වැඩක් නැතුව නිකන් ඉස්කෝලෙට වෙලා ඉන්නේ චක්ගුඩු පනින්ටය, අපි තීරණය කලා තාප්පෙන් පැනලා ලපටියගේ ගෙදර යන්න. ඒ වගේ කුසල් සිතක් පහල උනාම ඉතින් මොකට නම් තව සුනංගු වෙනවද ගත්තා බෑග් ටික ගිහින් පැන්නා කට්ටියම තාප්පෙන් එළියට.

අපේ සාමාන්‍ය විදිය තමයි පන්සල් වත්තට පැනලා පන්සලේ තාප්පෙන් එළියට පනින එක ඒත් මොකක්දෝ අවාසනාවකට එදා අපි පන්සල් වත්තට පැනලා පන්සලේ ගේට්ටුවෙන් එලියට ආවා. ගේට්ටුවෙන් එළියට බැහැපු ගමන් දැක්ක දේට අපි කට්ටියටම හීන් දාඩිය දැම්මා. ඉස්කෝලේ විනය පාලක හිට්ලර් සර් තවත් ගුරුවරු දෙන්නෙක් එක්ක පන්සලේ ගේට්ටුව ලඟ. අපි කට්ටිය අතේ මාට්ටු……. ආයේ මොනවද ඉතින් “චටාස්…. පටාස්….” කට්ටියටම බඩ කට පුරවලා හම්බවුනා මදී නොකියන්න, ඊට පස්සේ කට්ටියම දක්කාගෙන ආවා ප්‍රින්සිපල් තුමා ගේ ඔපීසියට. එතනදිත් ගුටි සීයයයි බැනුම් කෝටියයි. ඊටත් වඩා හිට්ලර් සර් කාගෙත් වීරයා වෙලා ඇයි පැනලා ගිහිපු කොල්ලෝ සෙට් එකක්ම අල්ලගෙන නෙව. මේ හිට්ලර් සර් සහ අපේ පන්ති භාර මාරි කියුරි මිස් දෙන්නා නයයි පොළඟයි වගේ දෙන්නට දෙන්නා කොයි වෙලාවෙත් අනෙක් කෙනාගේ වැරැද්දක් අල්ල ගන්න තමයි බලන් ඉන්නේ අපිව අහුවීම ඉතින් හිට්ලර් ට අඬන්න ඉන්න ගෑනිගේ නහය මිරිකුවා වගේ, මාරි කියුරිට උණ ගැනෙන්න හිට්ලර් අපිට දඬුවම් කරන්න හදන්නේ. මොනවා කරන්නද අපිත් ඉස්කෝලේ පිට්ටනිය මැද්දේ ගිනි අව්වේ උදේ දහයා මාරේ ඉඳන් හවස එකහ මාර වෙනකම් ම දනගහගෙන හිටියා. එදා හිට්ලර් අපිට දඬුවම් කරේ ටිකක් අමානුෂික විදියට කියලයි මට නම් හිතුනේ, මොකද අපේ ඇබිත්තයා වතුර ටිකක් බොන්න හදද්දී සර් බෝතලේත් උදුරගෙන් ගියා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලේ දන්න කියන හැමදෙනාම ගෙනල්ලා තමන්ගේ වීර ක්‍රියාව පෙන්වන්නත් සර් අමතක කරේ නෑ අන්තිමට අපිට සඳුදට අම්මා තාත්තා එක්කන් එන්න නියම උනා, ඒ විතරක් නෙවෙයි සති දෙකකට පාසල් තහනමක් පනවන්ටත් තීරණය වෙලා තිබුනේ. එදා අපි පාසලෙන් පිටවෙලා ගියේ මේ තීරණවලින් හිත බර කරගෙන.

****************************************************************

පහුවෙනිදා සෙනසුරාදා, අපි කට්ටියම උදේ කොට්ටාවේ ලපටියගේ ගෙදරට එකතුවුනේ සඳුදට අපිට මූන දෙන්න වෙන ප්‍රශ්ණෙට පිළිතුරක් හොයන්න.

” දැන් අපිට වෙන කරන්න දෙයක් නැහැ මචං….. අපි කොහොමහරි මේකට මූන දෙන්න ඕන….. පංති තහනම් කලොත් සති දෙක නේ මචං…… ඒ සති දෙක කොහොම හරි ඇදගමු…….”

පැය කීපයක වාද විවාද වලින් පස්සේ ඇබිත්තයා කියපු කතාවට අපි හැමෝම එකඟ උනා. ඇත්තටම ඒ තීරණයට එනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් තිබුනෙත් නැහැ වාසනාවකට වගේ මට ලපටියට, ඇබිත්තයාට අම්මා තාත්තා කියලා ඉස්කෝලෙට එක්ක යන්න කට්ටිය කලින්ම සැට් කොරලා තිබුනේ හැබැයි අපේ වෙල්මාළුවට තමයි වැඩේට කවුරුවත් සැට් වෙලා නොහිටියේ. කීප දෙනෙකුටම කතා කළත් වැඩේට හරියන හරිහමන් කෙනෙක් හොයාගන්න බැරිඋනා. අන්තිමට අපේ ලපටියටම මතක් උනා වැඩේට හරියටම ගැලපෙන කෙනා, නමින් නම් සම්පත් අයියා……, අවුරුදු 45 ක විතර කිරිමේල් බුවෙක්, ඉන්නෙත් ලපටියලගේ ගෙවල් කිට්ටුව මයි. ලපටියා ගත්තා කෝල් එකක් සම්පත් අයියගේ ගෙදරට, අපේ වෙලාවට මිනිහා ගෙදර.

“වරෙන් වරෙන් මල්ලී මම දැන් ගෙදර ඉන්නේ” සම්පත් අයියගේ ප්‍රතිචාරේ හොඳයි. කියන පරක්කුවෙන්ම කට්ටිය පාරට බැස්සා. සම්පත් අයියලාගේ ගෙදරට යන්න පාරවල් දෙකක් තියනවා, එකක් බස් පාර ඒකේ හෝල්ට් දෙක තුනක් බස එකක යන්න ඕන. අනෙත් එක වෙලක් මැදින් ගිහින් තව ගමක් මැදින් යන්න තියෙන්නේ හැබැයි පයින් යන්න පුළුවන් ඇවිද්ද පය දහස් වටී කියලා අපි තෝරා ගත්තා පයින් යන්න. වෙන මොකුත් නැති වුනොත් ඇවිදලා ඇවිදලා කකුල් දෙක දෙදාහකටවත් විකුණලා දාන්න බැරිය. ඔන්න ඉතින් අපි කට්ටිය දැන් වෙල් මැදින් නියර වල් උඩින් ගුරු පාර වලින් සම්පත් අයියලගේ ගෙදරට යනවා, මෙහෙම විනාඩි දයක් විතර යනකොට අපි සම්පත් අයියලගේ ගේ පේන නොපෙනෙනෙ දුරින්. එකපාරටම ඉස්සරහ ගෙදරකින් චැලියක් දැම්මා පාරට හරියටම අපේ ඉස්සරහින්. දෙයියන්නටම ඔප්පු වෙච්චාවේ………..!!!!! . චැලියේ හිටපු කෙනා දැක්කම මට විතරක් නෙවෙයි අපේ කට්ටියටම හීන් දාඩිය දැම්මා. හිට්ලර් සර් අපේ ඉස්සරහ…………… කට්ටියගෙම කටේ කෙලත් හිඳිලා

“ස………. ස ……….ස……. ර් කො… කො……. කොහෙද මෙහේ…..”

ඇබිත්තයා ගොත ගහනවා හිට්ලර් සර් ගේ ගෙවල් ගල්කිස්සේ…. ඉතින් සර් මෙහෙම මේ වෙලාවේ කොට්ටාවේ ඉන්න නම් කිසිම විදියක් නෑ…..

 පු…… පු………පු……. තා…. ආ..ආ….ආ …. මමම …. මේ මේ…..

හත් ඉලව්වට ගහපු කළාබරයයි…………!!! සරුත් ගොත ගහනවා…..

ඒ මදිවට සර්ටත් හීන් දාඩිය දාලා හොඳටම කළබල වෙලා මූනත් ජම්බූ ගෙඩිය වගේ රතු වෙලා….. සර් දැක්කම අපි කළබල වෙන එක හිතාගන්න පුළුවන් වුනත් අපි දැක්කම සර් කළබල වුනේ මොකද කියලා අපිට එකපාරටම මීටර් වුනේ නෑ.

ඒත් වටපිට බැළුවම සර් ආපු ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා බොහොම දුහුල් රෑ ඇඳුමක් ඇඳගත්ත ගෑනු මනුස්සයෙක්, තක්බීර් වෙලා අපි දිහා බලාගෙන, මේක දැක්ක විතරයි ගන්දරයගේ ටිකිරි මොලේට මීටර් උනා වෙච්ච සන්තෑසියම. මෙන්න මේවට තමයි දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නේ……,

සර් නැට්ට අගින්ම බයවෙලා…. ඊයේ සිංහයෙක් වගේ ගෝරනාඩු කරපු හිට්ලර් අද අහිංසක පූස් පැටියෙක් වගේ අපි කට්ටියට නොවඳිනා වැඳුම් වඳිනවා, වෙච්ච දේ කාටවත් කියන්න එපා කියලා….

කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ… කිව්වලු පිස්සුද සර් අපි එහෙමත් ඕවා කියනවද එක එක්කෙනාට, ඔය විශ්වාස වන්තම හත් අට දෙනෙකුට කියයි ඕනනම්. කොහොම උනත් සර් එදා ඒතනින් ගියේ වල්ගේ කප්පාදු කොරාපු හරකෙක් වගේ…

ඊළඟ සඳුදා අපි ඉස්කෝලේ ගියේ විජිතපුර සටනට ගිහින් එන ගැමුණු කුමාරයා වගේ, පංති තහනම් නියෝග , දෙමව්පිය කැඳවීම් වලට වෙච්ච දෙයක් නෑ……. හැබැයි හිට්ලර් සර් නම් ඊට පස්සේ කිසිම වෙලාවක අපේ මූනට මූන හම්බ වෙන්න නම් ආවේ නෑ………

හොඳ ළමයා 2

බෙලියා හොඳම හොඳ ළමයෙකි. බෙලියා හොඳ ළමයෙක් වෙච්ච හැටි මම පහුගිය කතාවක කිව්වා නෙව. කියවපු නැති කට්ටිය ඉන්නවනම් ඉතින් හොඳ ළමයා 1 කතාවට ගිහින් ඒ ගැන කියවන්න. අදත් කියන්න යන්නේ බෙලියගෙම කතාවක්, හැබැයි ඉතින් මේකේ බඩ අල්ලගෙන බක බක ගාලා … Continue reading

Rate this:

හොඳ ළමයා

බෙලියා ගන්දරයගේ හොඳම යාළුවෙක් කොච්චර
හොඳ යාළුවෙක්ද කියන්නේ බොක්කෙන් නෙවි කොල බොක්කෙන්ම යාළුවෙක්…එක ගමේ, එක ඉස්කෝලේ, එක පංතියේ, එක යායට මල්පැණි රහ බලපු යාළුවෙක්.
ගන්දරයාගේ යාළුවෙක් නම් ඉතින් හිටපු පේලිය අහන්න දෙයක් නැහැ නෙව. බෙලියා අන්තිම
පේලියේ තමයි හැබැයි අන්තිම පේලියේ අනිත් අයට වඩා මුගේ පොඩි වෙනසක් තිබුනා…..
බෙලියගෙ කාඩ් එක අන්තිම හොඳයි කොටින්ම කියනවා නම් බෙලියගේ යාළුවන්ගේ අම්මලා
තාත්තලාට හිටන් තමන්ගේ ළමයටත් වඩා බෙලියව සුවර්….ට්‍රිප් එකක් හරි වෙන කොහේ හරි
යන්න හරි ගෙදරින් අවසර ගන්න ඕන වුනාම ඉතින් බෙලියගේ පිහිට තමයි….කාටත් බෙලිය
වචනයක් කිව්වොත් ඉර හඳ වගේ විස්වාසයි…බෙලියා ගැන මේ තරම්ම තද විස්වාසයක් ගොඩ
නැගෙන්න හේතුවුනෙත් හරි අහම්ඹෙන්,

මේක සිද්ධ උනේ අපි උසස් පේලියට ලියන්න අන්තිම පේලියෙ ඉන්න කාලේ මේ කාලේ බෙලියත් එක්ක හිටපු යාළුවෝ සෙට් එක තමයි ඇබිත්තයා වෙල්මාළුවා ලපටියා හා මජ්ජසාර මේ කට්ටියගෙන් ලපටියගෙ ගෙදර තිබුනේ කොට්ටාවේ, අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන නිසාත් නංගි ඉස්කෝලේ යන නිසාත් දවල් වරුවට ලපටියගේ ගෙදර අපේ සෙට් එකට බොහොම නිදහස් තැනක්,
සෙට් එකම ඉස්කෝලෙන් කලින් ඕෆ් වෙලා යන්නේ ඔහාට තමයි…

කට්ටිය කරපු ආගම අතේ පුන්‍ය ක්‍රියා වගේම සාහිත්‍ය රසවිඳීම් නුත් බොහොමයක්
කරේ මේ ගෙදර. නෙළුම් පතේ උනත් හැමදාම කනකොට එපා වෙනවළු. හැමදාම සාහිත්‍ය රස විඳපු අපේ සෙට් එකටත් දවසක් හිතුනා සාම්භාව්‍ය චිත්‍රපටියක් බලන්න. ඒ දවස්වල දැන් වගේ VCD DVD නෑ  VHS කැසට් තමයි තිබුනේ අනෙක් ඔය වගේ සම්භාව්‍ය චිත්‍රපටියක් හොයාගන්න එකත් ලේසි නෑ.

ඔන්න අපේ බෙලියා බාරගත්ත චිත්‍රපටිය
ගේන වැඩේ මොකද බෙලියගේ ගෙදර ලඟම තියනවා video center එකක් අයිතිකාරයත් බෙලියගේ බුදු පිට් එක. හොඳ වෙලාවට ලපටියගේ ගෙදර player එකකුත් තියනවා ඉතින් ඒකත් ප්‍රශ්ණයක් නෑ.
කට්ටියම එකතු වෙලා සඳුදා දවසක් වැඩේට යොදාගත්තා කට්ටියගෙම ඉල්ලීම් උනේ හොඳට තෝරලා
බලලා හොඳම එකක් ගේන්න කියලා. අපේ බෙලියත් සෙනසුරාදා ඉරිදා දවස් දෙකම කැපකරලා,
බලලා බලලා මැක්සම එකක් තෝරගත්තා. වීඩියෝ
සෙන්ටර් එකේ එකත් මාර සපෝට් එකක් දීලා තියෙන්නේ බෙලියට, වෙනමම පුටුවක් එහෙම දීලා ඇතුලේ කාමරේකට දාලා බලලා හොඳ එකක් තෝර ගන්න
කියලා.

සඳුදා උදෙන්ම කට්ටිය පැනගත්තා
ඉස්කෝලෙන් එලියට කාටත් පුදුම හදිසියක් තියෙන්නේ ලපටියගෙ ගෙදරට යනකම් ඒත් මොනවා
කරන්නද ඉස්කෝලේ ඉඳන් ලපටියගෙ ගෙදරට යන්න පැයක් විතර යනවා. ගෙදරට යනකම්ම කට්ටියගෙ
කතාව සම්භාව්‍ය සාහිත්‍ය ගැන ලපටියා විතරක් වෙන කල්පනාවක…… සඳුදා හවස කෙමිස්ට්‍රි
ක්ලාස් එකේ බවලතියෙකුට හිත ගිහිල්ලා ඒකිට ආදර හසුනක් දෙන්න ලපටියා ප්ලෑන් කොරන්
ඉන්නේ දැන් සතියක විතර ඉඳන්, පංතියේ ඔෆීසියල් ලියුම් ලියන්නා තමයි
බෙලියා සතියක් තිස්සේ බෙලියට කිව්වත් තවම වැඩේ කොරගන්න බැරි උනා ලපටියට අද හවසම
ලියුම දෙන්න ඕනලු… අන්තිමේ බෙලියා පොරොන්දු වුනා ලපටියගෙ ගෙදර ගිහින් ලියුම ලියල
දෙන්න.

දැන් ඔන්න කට්ටියම ලපටියගෙ ගෙදර ඇවිත්
හරිබරි ගැහිලා සම්භාව්‍ය චිත්‍රපටිය බලනවා…..බෙලියාගෙ තේරීම නම් මාරයි…. මාරයි
කියන්නේ මාරම මාරයි. මේක බලන අතරෙත් ලපටියගේ කන්කෙඳිරිය ඉවරයක් නෑ

 

“මොනවද බං උඹ මේක එකපාරක් බලලා තියනව
නේ… උඹට ආයෙත් ඕනනම් බලන්නත් පුළුවන්නේ හොඳ එකා වගෙ මගේ වැඩේ කරලා දීපන්”
කිය කිය ලපටියා නහයෙන් අඬනවා…. අන්තිමේ බෙලියා ඔන්න ඔහේ කමක් නෑ කියලා එලියට
ආවා.

කට්ටියම ගෙදර පිටිපස්සේ කාමරයක් ඇතුලේ
චිත්‍රපටිය බලනවා… බෙලියා සාලෙට ඇවිත් වාඩිවුනා ලියුම ලියන්න හිතාගෙන, කෙමිස්ට්‍රි නෝට් පොත අතට අරන් දැන් කල්පනාව…. මෙහෙම විනාඩි පහක්
විතර යන්න ඇති බෙලියට ඇහුනා පිටිපස්සෙන් කවුදෝ කෑ ගහන හඬක්… ඒත් එක්කම ඉස්සරහ
දොර ඇරගෙන ලපටියගෙ අම්මා ඇතුලට ආවා, බෙලියට
මොකුත් හිතාගන්න කලින්ම අතේ තිබුනු පොත උදුරලා ගත්තා….ඒ එක්කම ලපටියව කනෙන්
ඇදගෙන තාත්තා සාලෙට ආවා කට්ටියම හොල්මන් වෙලා…. චට පට ගාලා ලපටියට කන පුරවලා
පාරවල් දෙකකුයි අනෙත් දෙන්නට එක පාර ගානෙයි හම්බවුනා

ලපටියගේ තාත්තට යක්ෂාවේශ වෙලා කට්ටියටම
අම්මාමෝ නැතුව බනිනවා හැබැයි බෙලියා බේරිලා…අනිත් කට්ටිය චිත්‍රපටි බලන අතරේ
බෙලියා කෙමිස්ට්‍රි පාඩම් කරලා නෙව…………. මොන තරම් නම් ගුණ යහපත් හැදිච්ච
ළමයෙක්ද  ලපටියගෙ තාත්තා කට්ටියට බනින අතරෙ
බෙලියගෙ හොඳත් කියවනවා “යාළුවගෙ දිහා බලලා වත් අනෙක් උන්ට හැදෙන්නලු”

 

ඒ මදිවට video cassette එකත තාත්තගේ අත් අඩංගුවට පත් වෙලා ඒක හම්බවෙච්ච
හැටි අහනවා.

ඒකේ වගකීම මජ්ජසාර බාරගත්තා…..
පංතියේ යාළුවෙකුගෙන් ඉල්ලගත්තා කියලා තමයි කිව්වේ….. ඒත් මොන…. මේ මනුස්සයා
හදන්නේම මේක කුඩු කරලා විසි කරන්න. ඒ අව් අස්සේ ලපටියගෙ අම්මා කට්ටියගෙම ගෙවල් වලට
කතා කරලා සිද්ධිය කියලා…. පැයක් දෙකක් යද්දී කාගෙත් අම්මලා තාත්තලා ලපටියගෙ ගෙදර,
එන එන හැම කෙනාම අනෙත් අයට පළු පැලෙන්න බැනලා
බෙලියට හොඳ කියනවා. බෙලියගෙ අම්මට නම් හරි සතුටුයි තමන්ගෙ පුතා ගැන.

කොහොමින් කොහොම හරි පංතියේ යාළුවට
දෙන්නම් කියලා බෙලියම කැසට් එක ඉල්ලගත්තා ලපටියගෙ තාත්තාගෙන්……. බෙලියා ගැන
තිබුණු විස්වාසෙටම ඒක හම්බවුනා මිසක් නැතිනම් මේ කපේ දි ඕක ගන්නවා බොරු. බෙලියා ඒක
ගත්තෙත් අයිනෙන අල්ලලා අතේ ගෑවෙයි කියලා බයේ වගේ….. ලපටියගෙ අම්මගෙන් ෂොපින්
බෑග් එකකුත් ඉල්ල ගත්තා ඒක දාගන්න.

හවස අම්මයි තාත්තයි එක්ක බෙලියා ගෙදර
ආවා මඟ දිගටම බෙලියගෙ අම්මා කතා කර කර ආවේ පුතාගේ හැදිච්ච කම ගැන…. මෙච්චර පාප
මිත්‍රයෝ ගොඩක් මැද්දෙ මේ වගේ හැදිච්ච කමට ඉන්නවා කියන්නේ සුළු පටු දෙයක් ද….

 

බෙලියයි අම්මයි තාත්තයි තුන් දෙනාම
ගෙදරට ආවා…..

බෙලියත් හොඳ… ළමයා වගෙ ගෙට
ගොඩවුනා………

ගෙට අඩිය තිව්වා විතරයි බෙලියට කන
පුරවලා තාත්තගෙන් හොඳ කම්මුල් පාරක් හම්බවුනා

“ඇ ඇ ඇයි තාත්…තාත්තේ බෙලියා හොල්මන්….”

“උඹ හිතාගෙන ඉන්නේ මටත් අං තියනවා කියලද….??
ඔය කැසට් එක ගෙනිච්චේ කවුද කියලත් මම
දන්නවා…. කොහෙන්ද ගත්තේ කියලත් මම දන්නවා අන්න අර වීඩියෝ සෙන්ටර් එක ඇරලා තිබුනා
මේ දැන්මම ගිහින් ඕක ඌට දීලා වරෙන්…..”

 

හැබැයි මට හිතාගන්න බැරි අනෙක් උන්
ඔක්කොම ඕක බලද්දී  ඒකත් නොබල සාලේ ඉඳන් උඹ
කරපු අලුකුත්තේරු වැඩේ මොකක් ද කියලා……………………….